Saturday, 15 June 2024

නුඹේ තනිකඩ පෙම්වති


 


බඹරු සමණළ පැණි කුරුල්ලන්

නොදුටු මල් ඇත මධු පිරී

දිනෙක බඹරෙකු හදුන ගත්තත්

ප්‍රමාදය වෙයි සිත රිදී


මලක මදහස පැහැය මෘදු බව

වියැකුණත් දින කල් ගෙවී

හදවතක ආදරය කල්ගිය

මධුවිතකි රස තැන් හිමී


නුඹට ළං වී රොන් පුදන්නට

සිත ගතත් ඇත මුත් සැදී

නුඹව කැඳවන් එන්නෙ කොහොමද

අගුලු දොරවල් තව ඇතී


නුඹ කුරුල්ලෙකි සරිකරන්නට

කුඩූවක් උර මත ඇතී

නුඹට ආදර හිතැති මම වෙමි

ඔබේ තනිකඩ පෙම්වතී


“For as long as I exist, you will always be loved..”


මම

ඔබේ තනිකඩ

පෙම්වතී

-wath-

2 comments:

  1. අයිති කරගන්
    නැතුව දුර සිට
    පෙම් කරන්නට
    ඇයි බැරී

    ගොඩක් හදවත්
    ඇතුලෙ සිර වුණු
    පෙම් කතා නං
    ගොඩ ඇතී

    ReplyDelete
  2. බොහොම ස්තූති

    ReplyDelete

ඇස් කතා කරනවා

  ඇස් ගැන කතා කරද්දි බොහෝ වෙලාවට  ඒ ගැහැණු ඇස් ගැන. ඇස් වල හැඩය, ඒවගෙ තියන හැඟීම් , හිනාවෙන ,අඬන ඇස් ,කතා කරන ඇස්, නපුරු ඇස් ,පාට කරපු ඇස් ත...