Posts

මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ.....(වැලන්ටයින් ස්පෙශල් )

Image
 ----------------- තවමත් බොඳවී පෙනෙන දෑස් පිටි අත්ලෙන් පිසලූ ඇය ඇස්පිය එකිනෙක තද කරමින් කිහිපවාරයක් දෙනෙත් පෑදුවාය. වට පිටේ පැවති නිහඬබව ත් සංසුන් බවත් මැද තමන් නිශ්චිතවම මිය ගොස් ඇති බැව් දැනී දෑස් පියාගන්නට සැරසෙන විටම දකුණතේ සියුම් වේදනාවක් ද , දැනී නොදැනෙන තෙල් බෙහෙත් සුවඳක් සමඟින් එක වරම දෑස් හැර බැලූ ඇයට දැක ගත හැකි වූයේ සියුම් චිත්‍ර  වලින් පිරී ගිය විචිත්‍රවත් සිත්තම්  සිවිලිමකි.  වේදනාව ගෙන එන දකුණත දෙස බැලූ ඇයට දැකිය හැකි වූයේ ,සෙලවීමට නොහැකි ලෙසට හොඳින් වෙලුම් යොදා ආවරණය කර ඇති දකුණතයි.සම්පූර්ණ දකුණතම ඉහල සිට පහළටම වෙලා තිබූ අතර අතට ආධාරකයක් ද තබා ගැට ගසා තිබුනි. තමා සිටින්නේ සයනක සැතපී බවත් සෙලවිය  නොහැකි දකුණතේ රිදුන් දෙන්නෙ කොතනදැයි හරියටම කිව නොහැකි බවත් කොටින්ම දැන් තමන් සිටින්නේ මරණයෙන් උඨ්ටාන වීද නැතිනම් නොමැරී දැයි පවා නිශ්චිතව සිතා ගැනීමට නොහැකි ව්‍යාකූල තත්වයක සිටි ඇය දෑස් වසා ගනිමින් වමතේ ඇඟිලි තුඩු වලින් නලතට තට්ටු කරන්නට වූවාය.පැටලුනු මතක අතරින් ගැලපෙන අවසන් මතකයක් සොයා ගත නොහැකී තැන ඇය වමතට බර දී උඩුකය කෙලින් කර සයනයෙන් වාඩි වූවාය. විශාල කාමරය පුරා සිහින් සඳුන්

හේ වලහෙකි

Image
 හේ වලහෙකි, උසය...මහතය..දැකුම් කළුය. ඔහු ළඟ මා ඉතා කුඩා ජීවියෙකි. හේ නිතර මා සමඟ පැටලි පැටලී එයි. ඇතැම් විට ආදරයට ද  තවත් විටෙක වලියට ද පැටලෙන මෙ වලහා ඒ සෑම විටම අවසානයේ දී  මා වසඟයට ගනී. වලහෙක් වූවත් හේ ඉතා කසවසම්‍ ය.  ආදරයෙන් අන්ධ වී ඇති බැවින් ඒ මට පෙනෙනා සැටි වන්නටද පුලුවන. හේ ඉතා උණුසුම් වලහෙකු වන අතර නිතර නිතර කැලේ මලාක් මෙන් බොරුවට වැතිර නිදන අසරණ මිනිසුන්ට උදව් කරන්නේය. කණට කොඳුරා උපදෙස් දෙන්නේය. මේ වලහා මට මුණ ගැසෙනා විට ඉතා යහපත් කල්ක්‍රියාවෙන් සිටි වලසෙකු වුවත් දැන් ඔහු මදක් සිහිමද ගතියෙන් පෙලෙන්නේය. හේ පැණි කන්නාක් මෙන් මධුපැන් බොන්නේය.  හුස්ම උරන්නාක් මෙන් සිගරට් බොන්නේය.ඒ මත්තේද පමණක් නොව තොලින් තොලට ගෙන මටත් පොවන්නේය. පුලුල් වලස් පපුවේ වම් පස පෙන්වා නිදන්නට ඇරයුම් කරන්නේය. ලෝම කබායෙන් මා උණුසුම් කරන්නේය. නිදන විට හිස අත ගාමින්ද , පපුවේ හදවත තාලයට වාදනය කරමින්ද සැප පහසුව සලසන්නේය. උන් හිටි ගමන් අවදි කරවා අද්දනා බසයට නංවා ගෙදර පිටත් කරන්නේය. වලස් ලෝම අස්සේ  ඇති ආදරය , ගලව ගලවා දෙන්නේය.  දුටු තැන තුරුලු කර  ගනිමින් නලලත සිඹින්නේය. සමුනොදීම වහ වහා පිටව යන්නේය. හේ වලසෙකි.....

හමුවීම

Image
 හමුවෙමි නෙතට නෙත නොව නුඹෙ හිතට හිත සිපගමි තොලට තොල නොව  නුඹෙ මතක ටික වාරුව  උරහිසට හිස නොව නුඹෙ හයිය හිත ආදරෙ නුඹට නොව  නුඹ හද මැවුව මට ආදරෙයි හැමදෑම ❤ -වත්සලා- 7/2/23

සඳපාන

Image
  මල් පිපුනත් නැතත් මිදුලේ කටුරොලු ගාල පෙම් ගීමයි කීවේ පොලිකිචි බිචි රෑන මට හිමි නැතත් ඔබගේ මෘදු සඳ පහස අහසේ පායපන් සුන්දර සඳ පාන මීවිත නුඹ මගේ නොපිරූ මධු පාන කවි ගී නුඹ මගේ නොලියූ මම තාම පණ ගැහෙනා හිතෙන් නුඹ ගියමුත් ඈත තෙත සිහිනයන් රෑ නුඹ නමටයි තාම  සුබ රැයක් ❤

රා මතක

Image
 රා මතක  -=-==--=-- යාලුවෙක් කාලෙකින් ලියපු රා සුවඳ පෝස්ට් එකක් කියවල , මගේ මතකයේ අස්සක සැගවිලා තිබ්බ රා සුවඳ හමන්න ගත්තා.සුවඳ දිගේ ගියාම එක්දාස් නමසිය අසූගණන් වලට ගිහින් තමයි නතර උනේ. මුහුදු සුළඟ හමන ලොකු පොල් වත්තක් මැද තිබ්බ පෘතුගීසි පන්නෙට හැදුව පරණ ගෙයක්. ගෙදරට ගොඩ වෙන්න තිබ්බෙ ආලින්දයේ දිගටම හැදුන පඩි පේලි පහක් හයක්.ඊට පස්සෙ සුදු කුළුණු හතරක් උඩ සිංහල උළු වහලයක්.බිත්ති නැති විවෘත ආලින්දයක්.ආලින්දයට විවෘත උන එලියෙ තනි කාමරයක්.ඒ කාමරයේ ඉන්න කෙනාට ගේ ඇතුලට යන්න වෙන්නෙ ආලින්දය මැදින් ඇවිත්. ඒක තියෙන්නෙ ඇත්තේ තාත්තා පරක්කු වෙලා ගෙදර ආහම නිදාගන්න කියල ඉස්සර තාත්තා කියල තියෙන්නෙ බොරුවට. ඒ කාලේ ටික කලක් ඒ කාමරේ සුද්දො ජෝඩුවක් ඉදියා.කොහොම හරි ඒ මම කලුතර ඉස්පිරිතාලෙ  ඉපදිලා බබා සුවඳත් එක්ක ඉස්සෙල්ලම ආපු ගෙදර.අපි ගේ ඇතුලෙ හිටියට ගේ අපේ නෙමේ. ඒ ගේ තිබ්බෙ පොල් වත්තක් මැද. ඒ කිසිම පොල් ගහක් තනි වෙලා තිබ්බෙ නැත්තෙ , පොල් ගහට පොල් ගහක් සමාන්තරව ලණු වලින් එකිනෙකට සම්බන්ධ කරල තිබ්බ නිසා.ඔය ලනු දෙක අතර පරතරය අඩි හතරක් විතර ඇති.හැමදාම උදේට මට ඇහරෙන්නෙ ඔය ලණු අතරෙ ගහින් ගහට යන්න සරම් කොටයක් ගහන් සරමට