Monday, 9 December 2024

ඇස් කතා කරනවා

 


ඇස් ගැන කතා කරද්දි බොහෝ වෙලාවට  ඒ ගැහැණු ඇස් ගැන. ඇස් වල හැඩය, ඒවගෙ තියන හැඟීම් , හිනාවෙන ,අඬන ඇස් ,කතා කරන ඇස්, නපුරු ඇස් ,පාට කරපු ඇස් තියෙන්නෙ ගැහැණුන්ට. පිරිමින්ගෙ ඇස් වල තියන විවිධත්වය අඩුයි වගේම හැඟීම් උනත් එකම හැඟීම තමා හැම පිරිමි ඇහැකම තියෙන්නෙ. 


පිරිමින්ට දීප්තිමත් දිලිසෙන ඇස් තියෙන්නෙ හරිම කලාතුරකින්.


ගොඩක් වෙලාවට පුංචි කාලෙ දි ගැහැණු පිරුමි බේදයකින් තොරව දෙගොල්ලන්ටම තියෙන්නෙ දීප්තිමත් ඇස්.කුතුහලය පිරුණ, කළු බබා ලොකුවට පිරුණ ඒ ඇස් හැම වෙලේම මොකක් හරි දෙයකට යොමුවෙලා දිලිහෙනවා.


ඒත් හයෙන් උඩට එද්දි ඒ දීප්තිමත් උද්‍යෝගිමත් ඇස් වෙනස් වෙන්න පටන් ගන්නවා.


ඉතින් වයස විස්ස වගේ පහු උන ගමන් ගොඩක් කොල්ලන්ගෙ ඇස් වල දීප්තිමත් ප්‍රීතිමත් ගතිය නැතිවෙලා මැකිල ගිහින් වල් ඇස් පහළ වෙන්න ගන්නවා.


වල් ඇස් , රාගික ඇස් , ආදරබර ඇස් අස්සෙ කාලෙකට පස්සෙ කොල්ලෙක් ගෙ දීප්තියෙන් දිලිහෙන  ප්‍රීතිමත් ඇස් දෙකක් දැක්කා.....


ඒ මීට අවුරුදු තුනකට කලින්.තදම තද දුඹුරු පාට ඇස් බෝලෙ හරි මැද ඉදලා ගින්දර පාටට වටේට ඉරි විහිදිලා පැතිරිලා තිබ්බා. පිරිමියෙක් ගෙ ඇස් වල එච්චර කෙරුවාවක් එච්චරට විස්තරාත්මකව මම දැක්කෙ එදා.


ඒ ඇස් හැමදාමත් මාව දැක්කාම දීප්තියෙන් පිරිලා සතුටින් දිලිහෙන ඇස් වෙනවට මම කැමති උනත් ජීවිතේ ජීවන බරෙන් මිරිකිලා වගකීම් ගොඩකට කරගහගෙන පස්ස කැඩුන කඩිය වගේ නිමක් නැතිව අරහෙට මෙහෙට දුව දුව ඒ ගෙවන ජීවිතෙදි තප්පරේකට මගේ ළඟ නවත්තගෙන අර දීප්තියෙන් දිලිහුනු ඇස් තාමත් ඒ වගේද බලන්න දැන් වෙලාවක් නෑ. දැන් එහෙම අහඹුවෙන් හරි ඒ ඇස් වලට එඹිල බලන්න එයත් මගෙ ළඟ ත් නෑ. කවදාවත් හම්බෙයි ද කියල කියන්නත් බෑ.


කොහොම හරි හමුවුනත් මගේ බොඳ වෙන ඇස් අතරින් ඒ දීප්තිමත් ඇස් වල කාන්තිය හරියකට බලා ගන්න උනත් බැරිවෙයි කියල දන්නවා...

1 comment:

  1. හ්ම් ලස්සනයි , ඔයාගේ බ්ලොග් අඩවි තුනක් තියනව නේද ? මගේ බ්ලොග් එකටත් ගොඩ වැදිලා යන්න . (දේශපාලන ඒවා ඕනේ නැහැ )

    ReplyDelete

ඇස් කතා කරනවා

  ඇස් ගැන කතා කරද්දි බොහෝ වෙලාවට  ඒ ගැහැණු ඇස් ගැන. ඇස් වල හැඩය, ඒවගෙ තියන හැඟීම් , හිනාවෙන ,අඬන ඇස් ,කතා කරන ඇස්, නපුරු ඇස් ,පාට කරපු ඇස් ත...