ඔයා මට වඩා වේගෙන් කියවනව.මට වඩා වේගෙන් ඇවිදිනවා.මට වඩා වේගයෙන් හිතනවා.මට වඩා වේගයෙන් ආදරය කරනවා.ඒත් ඒ කිසිම දෙයක් මතුපිටට නොපෙනෙන්න සංසුන්ව ඉන්න හැටි ඔයා දන්නවා.ඒ හැම දේකම ප්‍රතිලෝමය මන්.
අපේ ආදරේ පටන් ගත්ත මුල්ම කාලේ හමුවීම් දෙකකට පස්සෙ මට ඔයා දක්වපු අධික ගෞරව නිසා මම ඔයා එක්ක ඉතා වේගයෙන් රණ්ඩු උනා මට මතකයි. එහෙම කරේ ඔයා ඒ අදහස් කරපු දේ මට දරාගන්න බැරිවුන නිසා.ඒ තරම් ඉක්මනින් , ඒ තරම් ආදරයෙන් බැදුන එක මට හිතා ගන්නවත් බැරි වුන නිසා.ඒ වෙනකොට ඔයා හිටියෙ ආදරයෙන් පිරිලා ඉතිරිලා ගිහින්. ඔයාගෙ ජීවිතේ තිබ්බ පුංචි පුංචි හිඩැස් ඔක්කොම සතුටින් ආදරෙන් පිරිලා ,උතුරල තිබ්බෙ මන් නිසා කියල මට අදහා ගන්නවත් බැරි උනා. පිරිමියෙක් ව ඒ තරම් සතුටින් උද්දාමයෙන් තියන්න මන් වගේ කළු කැත කෙල්ලෙක්ට පුලුවන් වෙයු කියල මට නිකමටවත් හිතිල තිබ්බෙ නෑ.
අපි ගොඩාක් කාලයක් තිස්සේ හඳුනන දෙන්නෙක් බව ඇත්ත. නමුත් හැඳුනුම්කම් බොහොම ලෙංගතු නමුත් දුරස්ත හඳුනා ගැනීම් උනා. ඒ වෙනකොට එක් වරකට වඩා සැබෑ ලෙස හමුවෙලා නොතිබ්බ ඒ සාමාන්‍ය හැදුනුම්කම් වලදි ඔයා කවුද කියනෙක හොඳ හැටිම තේරුම් අරන් හිටියෙ. ඇත්තටම ඔයා කාලෙ හැටියට ඉතාම විශ්වාසවන්ත , රැයක පවා ගැහැණු කෙනෙක් පරිස්සමින් ගෙදර ඇරල හොඳ සහෝදරයෙක් , මිතුරෙක් උනා. ඉන් එහා හඳුනාගැනීමක් මට අවශ්‍ය නූනත් මාව අල්ලල යාලුවො ඔයාට විහිලු කරන එකත් මන් එච්චර ගණන් නොගත්තෙ ඒ වෙනකොට මොනම විදියෙකවත් බලාපොරොත්තුවක් අපි දෙන්න අතරෙ නොතිබ්බ නිසා. නමුත් ඒ විහිලු නිවරදි කරන්න කිසිම විදියක උවමනාවක් ඔයාට තිබ්බෙ නැති එක ගැන ඒ කාලෙ මන් හිටියෙ ඔයා එක්ක අමනාපයෙන්.
මගේ හිටපු ප්‍රේමවන්තයෙක් ගැන ඔයා නිතර අහපු එකත් එක්ක එයා ගැන ඔයා කියපු හිත රිද්දපු කතා එක්ක මගේ ඔයා එක්ක තිබ්බ අමනාපය වැඩි උන නිසා මම අලුතින් හදපු ප්‍රොපයිල් එකටවත් මම ඔයාව ගාව ගත්තෙ නෑ. ඒ වෙනකොට ඒ ප්‍රොපයිල් එකේ හිටියෙ මැනික් ගරන්න වගේ ගරල ඉතිරි කර ගත්ත , ඉතාම සීමිත යාලුවො ටිකක් විතරයි.කොහොමත් හැමදාම වගේ ඒ ප්‍රොපයිල් එකේ මගෙ ආදරවන්තයවත් ඔයාවත් හිටියෙ නෑ. ආදරවන්තය ඒ වෙද්දි මගෙන් ගොඩක් දුරස්වෙලා කිසිම විදියක සන්නිවේදනයක් නැතිව හිටපු නිසා ත් මගේ වෘත්තීය ජීවිතේ වගේම රැකියා ස්තානය වෙනස් වෙලා තිබ්බ නිසාත් මට ඕන උනේ හුරුපුරුදු සියල්ලගෙන්ම මිදිලා, බාහිර ලෝකයෙන් විතැන් වෙලා මගේම අවකාශෙක පුංචියට ජීවත් වෙන්න.ඒත් ඒ බිත්තර කට්ට බිදගෙන දවසක් මට කෝල් එකක් ආවෙ ඔයාගෙ යාළුවෙක් ගෙන්.......
නැවත හමුවෙන තෙක් , මන් ඔයාට පණ වගේ ආදරෙයි.......හැමදාමත්........
( you think you know me? , think again )
( මම මේවා ලියන්නෙ කවදහරි තනිකඩ මගේ මතකය නැතිවෙන අසනීපයක් හැදුනොත් මේ මතකයන් මට නැතිවෙයි කියල බය නිසා )
What matters in life is not what happens to you but what you remember and how you remember it.
No comments:
Post a Comment