Skip to main content

හේ වලහෙකි

 හේ වලහෙකි,


උසය...මහතය..දැකුම් කළුය.


ඔහු ළඟ මා ඉතා කුඩා ජීවියෙකි.


හේ නිතර මා සමඟ පැටලි පැටලී එයි.


ඇතැම් විට ආදරයට ද


 තවත් විටෙක වලියට ද පැටලෙන මෙ වලහා ඒ සෑම විටම අවසානයේ දී  මා වසඟයට ගනී.


වලහෙක් වූවත් හේ ඉතා කසවසම්‍ ය. 


ආදරයෙන් අන්ධ වී ඇති බැවින් ඒ මට පෙනෙනා සැටි වන්නටද පුලුවන.


හේ ඉතා උණුසුම් වලහෙකු වන අතර නිතර නිතර කැලේ මලාක් මෙන් බොරුවට වැතිර නිදන අසරණ මිනිසුන්ට උදව් කරන්නේය.


කණට කොඳුරා උපදෙස් දෙන්නේය.


මේ වලහා මට මුණ ගැසෙනා විට ඉතා යහපත් කල්ක්‍රියාවෙන් සිටි වලසෙකු වුවත් දැන් ඔහු මදක් සිහිමද ගතියෙන් පෙලෙන්නේය.


හේ පැණි කන්නාක් මෙන් මධුපැන් බොන්නේය. 


හුස්ම උරන්නාක් මෙන් සිගරට් බොන්නේය.ඒ මත්තේද පමණක් නොව තොලින් තොලට ගෙන මටත් පොවන්නේය.


පුලුල් වලස් පපුවේ වම් පස පෙන්වා නිදන්නට ඇරයුම් කරන්නේය.


ලෝම කබායෙන් මා උණුසුම් කරන්නේය.


නිදන විට හිස අත ගාමින්ද , පපුවේ හදවත තාලයට වාදනය කරමින්ද සැප පහසුව සලසන්නේය.


උන් හිටි ගමන් අවදි කරවා අද්දනා බසයට නංවා ගෙදර පිටත් කරන්නේය.


වලස් ලෝම අස්සේ  ඇති ආදරය , ගලව ගලවා දෙන්නේය. 


දුටු තැන තුරුලු කර  ගනිමින් නලලත සිඹින්නේය.


සමුනොදීම වහ වහා පිටව යන්නේය.


හේ


වලසෙකි.....



ප.ලි :- කටුස්සා නිතර නිතර කවි වලට දාන වලස් ෆොටෝ දැකල ලිවුවේ.

Comments

  1. වෙඩි තියල දමන්නට සුදුසු වලහෙකි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලය කෙතරම් ... නපුරුද සොඳුරිය

ඔබ මගේ හදවත පැහැර ගත් පෙම්වතාගේ රුවට සමාන යැයි හැඟුන බැවින්දෝ එදා මෙදා තුරම ඔබ මගේ ක්‍රශෙක විය. නමුත් ඔහු මාගෙන් දුරස් වෙද්දී , කාර්‍ය බහුල වෙද්දී ,යන්න් එන්නටම දවස් මදි  වෙද්දී, රෑ දවල් වෙනසක් නැතුවම වැඩ අතර ගෙවෙද් දී ඔහු ඔබ ට  වඩා හැඩැති කෙනෙකුන් බවත් ඔහු ඔබවැනි යැයි මා සිතා සිටියේ ඇස් දෙක කටේ දාගෙන හිටපු නුහුගුණේ වැඩි වෙලාවක විය හැකි බවත් මට සිතුණි.  කෙමෙන් කෙමෙන්  මා ඔහුගෙන් දුරස් වූයේ අතිශය සෙමෙන් ගෙවෙන සරල සුන්දර මගේ දවස් සහිත ජීවිතය සමඟ අතිශය සංකීර්ණ  , වේගවත් දින ගෙවූ ඔහුගේ දිවිය මාහට දරාගත නොහැකි වීමටත් වඩා ඔහුගේ වේගවත් කාර්‍ය බහුල තරඟකාරී ගමනට මා වැනි සෙමින් යන්නියක ඔහුට විය හැකි විශාලතම මානසික බාධාව විය හැකියැයි මට සිතුණ බැවිනි. ප්‍රතික්‍රියාවක සීශ්‍රතාවයට ද බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ එහි සෙමින්ම සිදුවන ක්‍රියාවයි. ඉතින් විද්‍යාත්මකවද පහදා ඇති සත්‍ය එය නම් සෙමින් ගෙවෙන සරල නිහඬ දවස් වල පය වැදී ඔහුගේ ගමන බාල කරවීම ඔහුට සැබැවින්ම ආදරේ කරනා මා වැනි කෙනෙකුන් ට ඔහු වෙනුවෙන්  කළ හැකි නොහොබිනාම වැඩකි . පෙර දවස රජු කෙනෙකුන් පලාගිය අශ්ව රථයේ බර වැඩිවී වේගය මදවී හතුරන්ට අසුවීමට යන ව

There is always something left to love.

  ඔයා මට වඩා වේගෙන් කියවනව.මට වඩා වේගෙන් ඇවිදිනවා.මට වඩා වේගයෙන් හිතනවා.මට වඩා වේගයෙන් ආදරය කරනවා.ඒත් ඒ කිසිම දෙයක් මතුපිටට නොපෙනෙන්න සංසුන්ව ඉන්න හැටි ඔයා දන්නවා.ඒ හැම දේකම ප්‍රතිලෝමය මන්. අපේ ආදරේ පටන් ගත්ත මුල්ම කාලේ හමුවීම් දෙකකට පස්සෙ මට ඔයා දක්වපු අධික ගෞරව නිසා  මම ඔයා එක්ක ඉතා වේගයෙන් රණ්ඩු උනා මට මතකයි. එහෙම කරේ ඔයා ඒ අදහස් කරපු දේ මට දරාගන්න බැරිවුන නිසා.ඒ තරම් ඉක්මනින් , ඒ තරම්  ආදරයෙන් බැදුන එක මට හිතා ගන්නවත් බැරි වුන නිසා.ඒ වෙනකොට ඔයා හිටියෙ ආදරයෙන් පිරිලා ඉතිරිලා ගිහින්. ඔයාගෙ ජීවිතේ තිබ්බ පුංචි පුංචි හිඩැස් ඔක්කොම සතුටින් ආදරෙන් පිරිලා ,උතුරල තිබ්බෙ  මන් නිසා කියල මට අදහා ගන්නවත් බැරි උනා. පිරිමියෙක් ව ඒ තරම් සතුටින් උද්දාමයෙන් තියන්න මන් වගේ කළු කැත කෙල්ලෙක්ට පුලුවන් වෙයු කියල මට නිකමටවත් හිතිල තිබ්බෙ නෑ. අපි ගොඩාක් කාලයක් තිස්සේ හඳුනන දෙන්නෙක් බව ඇත්ත. නමුත් හැඳුනුම්කම් බොහොම ලෙංගතු නමුත් දුරස්ත හඳුනා ගැනීම් උනා. ඒ වෙනකොට එක් වරකට වඩා සැබෑ ලෙස හමුවෙලා නොතිබ්බ ඒ සාමාන්‍ය හැදුනුම්කම් වලදි ඔයා කවුද කියනෙක හොඳ හැටිම තේරුම් අරන් හිටියෙ. ඇත්තටම ඔයා කාලෙ හැටියට ඉතාම විශ්වාසව